බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ කැලණිය අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 05 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කැලණිය අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 170 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම් හා ආවේග වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට බඳුන් විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් ගුරුවරුන් හට පැවැත්විය.















