කොළඹ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහලේ සිසුන් 200ක් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 24 දින කඩුවෙල සති පාසල පරිශ්රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්රීඩා යන සතිමත් ක්රියාකාරකම් වල පුහුණු විය.










