මීග/ කරුණාරත්න මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් 2019 ජුනි මස 26 දින පවත්වන ලදී. මෙහිදී පළමු සතිමත් බව පුහුණු කිරීමේ සැසිය 6,7 සහ 8 ශ්‍රේණි වල සිසුන් 250 සඳහා ද, දෙවන සැසිය 9,10,11 සහ 13 ශ්‍රේණි වල සිසුන් 225ක් සඳහා ද, තුන් වන සැසිය ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා ද පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන් වලදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල සහභාගී වූවන් පුහුණු විය.






































