රංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය නිල්මිණී කුඹුරේගෙදර මිය සහ ගරු උප විදුහල්පතිතුමිය පත්මි අබේරත්න මියගේ ආරාධනාව පරිදි එම විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 13 වන දින වයඹ සති පාසල සම්පත් දායකයින්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 145 ක් සහ ගුරු මහත්ම මහත්මීන් 20 ක් පමණ සහභාගී විය.
























