මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් 500ක් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2019 ජූනි මස 19 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් පහතින් සඳහන් වේ.
- මීග/ කරුණාරත්න මහා විද්‍යාලය- නාරංගොඩපාළුව
- මීග/ ධර්මාශෝක මහා විද්‍යාලය- දකුණු බටගම
- මී/ග ජයන්ති විද්‍යාලය- ජා-ඇල
- මීග/ ධර්මරතන විද්‍යාලය- වල්පොල
- මීග/ ශාන්ත මරියා විද්‍යාලය- හපුගොඩ, කඳාන
- මීග/ ක්ෂේවියර් මහා විද්‍යාලය- වෑවල, ජා-ඇල
- මීග/ ජෝන්ද බැප්ටිස්ට් විද්‍යාලය- නාගොඩ, කඳාන
- මීග/ උතුරු බටගම කණිෂ්ඨ විද්‍යාලය-ජා-ඇල
- මීග/ ශාන්ත ජෝශප් විද්‍යාලය- පේරලන්ද, රාගම
- මීග/ ශන්ත මරියා විද්‍යාලය- ජා-ඇල
කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය


















