කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.
මෙම මාසිකව පැවැත්වෙන සති පාසල වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක. ඒ සඳහා පහත දුරකථන අංක අමතන්න.
071-8044970 (මල්ලිකා ජයරත්න මහත්මිය – සති පාසල වයඹ සම්බන්ධීකරණ)
077-3777257 (තිවංක මහතා – විදුහල්පති ඇත්කඳ රජමහා විහාර දහම් පාසල)




























