කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දා දිසානායක මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 90 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්රීඩා යන සතිමත් ක්රියාකාරකම් වල පුහුණු විය.
මෙම මාසිකව පැවැත්වෙන සති පාසල වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක. ඒ සඳහා පහත දුරකථන අංක අමතන්න.
071-8044970 (මල්ලිකා ජයරත්න මහත්මිය – සති පාසල වයඹ සම්බන්ධීකරණ)
071-4421863 (නන්දා දිසානායක මහත්මිය)





































