මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
සහභාගී වූ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10යේ නමි පහතින් සඳහන් වේ.
1. මීග/ කරුණාරත්න මහා විද්‍යාලය- නාරංගොඩපාළුව
2.මීග/ ධර්මාශෝක මහා විද්‍යාලය- දකුණු බටගම
3. මී/ග ජයන්ති විද්‍යාලය- ජා-ඇල
4. මීග/ ධර්මරතන විද්‍යාලය- වල්පොල
5. මීග/ ශාන්ත මරියා විද්‍යාලය- හපුගොඩ, කඳාන
6. මීග/ ක්ෂේවියර් මහා විද්‍යාලය- වෑවල, ජා-ඇල
7. මීග/ ජෝන්ද බැප්ටිස්ට් විද්‍යාලය- නාගොඩ, කඳාන
8. මීග/ උතුරු බටගම කණිෂ්ඨ විද්‍යාලය-ජා-ඇල
9. මීග/ ශාන්ත ජෝශප් විද්‍යාලය- පේරලන්ද, රාගම
10. මීග/ ශන්ත මරියා විද්‍යාලය- ජා-ඇල
මෙම වැඩසටහන සඳහා එම පාසල් වලට අයත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු 175 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.















