අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නව ජාතික පාසල් දහසක් ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි විදුහල්පතිවරුන් පුහුණු කිරීම සඳහා මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති විශේෂ නේවාසික වැඩමුළුවට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහනක් සති පාසල පදනම වෙනුවෙන් අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ සහ හේමන්ත රණවක මහතා විසින් 2021-04-24 දින පවත්වන ලදී.













