ශ්‍රී ලංකා පොලීසිය සඳහා සති පාසල වැඩසටහන 2021.04.18 දින ආරම්භ කරන ලදී. මේ සඳහා පොලිස් නිලධාරීන් 200ය දෙනෙක් සමඟ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා සහ බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය. “සති පාසල” පදනමෙහි නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන මෙහෙයවනු ලැබීය.













