දේවහූව ජලාශය අවට ගම්මාන රැසක දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහන් පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 17/07/2023 දින හා 18/08/2023 දින පවත්වන ලදි. සති පාසල පදනම සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූයේ පූජ්‍ය කළුආරච්චි යාගම සුමනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසිනි.

































