බල/ජය/ කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලයේ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 10 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.








