පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.
“සති පිරිවෙන” නම් වූ මෙම වැඩසටහන සඳහා පිරිවෙන් ආචාර්ය ස්වාමීන් වහන්සේලා සමඟ අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා අසූවක් පමණ සහභාගි වූහ. වැඩමුළුව අවසානයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්යක්ෂ
ගෞරවනීය පූජ්‍ය වටිනාපහ සෝමානන්ද නාහිමියන්ගේ සහ පිරිවෙන් කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් බෙදා දීම ද සිදු කරන ලදී.






