බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හෝමාගම අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 05 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.














