කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි. සතිමත් බව හා අභියෝග ජයගැනීම වැඩසටහනේ අරමුණ වූ අතර වැඩසටහන මෙහෙයවීම සති පාසල නිර්මාතෘ අති පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලදි. වැඩසටහන සඳහා 220ක පමණ පිරිසක් සම්බන්ධ විය.
Location: https://goo.gl/maps/dhaaP7hN1Dy3dzvR9















































