About Us
- Home
- /
- Principal Guidelines
Principal Guidelines
සති පාසල තුලින් සතිමත් වීම
- සතිපට්ඨාන සූත්‍රයට අනුව සතිය සත්වයාගේ විශුද්ධියට ඒකායන මාර්ගය වේ. (ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා… යදිදං චත්තාරෝ සතිපට්ඨානා)
- හඳුන්වා දෙන්නේ ආධුනිකයකුගේ සතියයි. සත් තිස්බෝධි පාක්‍ෂිකධර්ම අනුව සතිය අට ආකාරයක් ගනී. එහි ඇරඹුම කායානුපස්සනාව යි. කය කෙරෙහි/ඉරියව්ව කෙරෙහි සතිමත් වීමයි. සති පාසල අවධාරණය කරන්නේ මෙයයි.
- මෙය වැළැක්වීමේ (නිවාරණ) පිළිවෙතක් මිස නූතන බහුල භාවිතයේ පරිදි රෝග සුවකිරීමේ හෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් නොවේ. “ප්‍රතිකාර අවශ්‍ය වීමට පෙර නිවාරණය වඩා හොඳයි”
- සතිය සහ අප්පමාදය ඉතා සමීපව සම්බන්ධයි. අප්පමාදය සතිය මෙන්ම දියුණුවට සහ අභිවෘද්‍ධියට පදනම වේ.
- සති මාත්‍රය යන්න සෑම මනුෂ්‍යයකුට ම පොදු ලක්ෂණයකි. එය බුදුදහමට හෝ බෞද්ධයන්ට පමණක් සීමාවූවක් නොවේ (සතාධිපතෙය්‍යා සබ්බේ ධම්මා – කිං මූලක සූත්‍රය)
- මේ සඳහා බාහිරින් කිසි දෙයක් අවශ්‍ය නැත. සියලු මනුෂ්‍යයන්ට කැපය.
- කිසිම බාහිර අධිකාරියක අවසර පැතීමක් අවශ්‍ය නැත.
- ඔබගේ ජන්ම දායාදයකි. අවශ්‍ය වන්නේ එයට නිසි ප්‍රමුඛත්වය ලබාදීම ම පමණකි. (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා)
- ගැටුම් අවම, නිරවුල් මාර්ගය ස්වභාවිකව, කාලයත් සමග හෙළි කරයි.
- බාධා අවම, බලකිරීමකින් තොර ආකාරයට ඉදිරියටම යවයි (අවිරුද්ධ පටිපදා).
උපදෙස් මාලාව සති පාසල නිර්මාතෘ
අති පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේ විසින්
Mindfulness in Sati Pasala
- Draws its roots from Satipattāna Sutta, which describes Mindfulness as being the one and only way for the purification of beings.
- Emphasises only on Introducing/Starting Sati (Sati as the beginner’s mind), which is Mindfulness of the body (Kāyānupassanā). This is the first of 8 types of Mindfulness described in the 37 Factors of Enlightenment.
- Appreciates the intrinsic preventive aspect of Mindfulness. It emphasises that “Prevention is better than cure”, as opposed to the Mindfulness in popular culture which is used as a method of healing and therapy.
- Associates closely with Diligence. Diligence = Appamāda
- Promotes basic Mindfulness or Bare Attention as a specific quality belonging only to the human being. It is not limited to Buddhism or Buddhists.
- Teaches that one does not need anything extra or any help from others to be Mindful. It stands on its own right.
- Proves that no permission is needed from any authority.
- Demonstrates that Mindfulness is a birthright and, the only thing one has to do is to give it due prominence.
- Leads to the least frictional path naturally, over time.
- Advances/progresses in a non-coercive way.
Guidelines from Sati Pasala Founder
Most Venerable U. Dhammajiva Maha Thero
Menu