වයඹ පළාතේ මාහෝ අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 06 දින මහව, විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මාහෝ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 65 පමණ සහභාගි වූ අතර ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. වැඩසටහනේ සංවිධාන කටයුතු මහව භාෂා සහ මානව ශාස්ත්‍රය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයනා කුමාරි මහත්මිය ප්‍රමුක ගුරු උපදේශක නිමල් වාසල මහතා, ධර්මපාල මහතා සහ ගුරු උපදේෂිකා කුමාරිහාමි මහත්මියගේ මූලිකත්වයෙන් සිදු විය.






































