බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් හැත්තෑවක 2020 වර්ෂයේ දී සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ සඳහා පුහුණු වැඩසටහනක් බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරය, මිරිස්වත්ත, යක්කල 2019 නොවැම්බර් මස 11 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන අතිපූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. මේ සඳහා වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතා, අධ්‍යාපන නිලධාරීන් සහ උපදේශන ගුරු භවතුන් හැත්තෑවක් පමණ අත්තනගල්ල, ගම්පහ, දොම්පෙ යන කොට්ඨාස වලින් සහභාගි විය.








