බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින තුල ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා ගුරුවරු 200 පමණ සහභාගී වූ අතර දේශන සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතාගේද සහාය හිමිවිය.
















