ගරු ධම්මධීරා මෑණියන් වහසේගේ සම්බන්දීකරණයෙන් පේරාදෙණිය පුෂ්පදාන ආදර්ශ මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.31 දින සිදුකරන ලදි. ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මේ සඳහා 9,10 සහ 11 වසර සිසුන් 300ක් කාණ්ඩායම් 3ක් යටතේ සම්බන්ද විය. ඉතිරි පන්ති සදහා ද ඉදිරියේ දී වැඩසටහන සිදුකිරීමට නියමිතව ඇත.












