බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.
සතිමත් බව සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දේශනයක් මනෝ වෛද්‍ය විශේෂඥ, පුෂ්පකුමාර කඳපොල ආරච්චි මහතා මහතා විසින් සිදු කරන ලදී.
























