කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.
මෙම මාසිකව පැවැත්වෙන සති පාසල වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක. ඒ සඳහා පහත දුරකථන අංක අමතන්න.
077-8109411 (නන්දිතා මහත්මිය)
071-1360909 (සමන්ති මහත්මිය)



















