මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සතිපාසල වැඩසටහන වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 18 වන ඉරුදින මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසලේ දී, (ශ්‍රී කිරීටාරාමය පුරාණ ටැම්පිට විහාරය මොට්ටුන්න,වේයන්ගොඩ) 6 වසර සිට 11 වසර සිසුන් සඳහා පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේ ගේ සහ පූජ්‍ය මහනුවර ගෝතමනන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් පවත්වන ලදී.
මෙහිදී සතිමත්ව ඇවිදීම, සතිමත්ව ඉඳ ගැනීම, සතිමත්ව ආහාර ගැනීම පිළිබඳව සිසුන්ට ප්‍රායෝගික දැනුමක් ලබාදුන් අතර ජීවිතයේ එදිනෙදා කටයුතු සතිමත්ව සිදුකරන ආකාරය පිළිබඳවද සිසුන් දැනුවත් කරන ලදී.


























