ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා ආදී වූ සතිමත් ක්‍රියාකාරකම් වල මහත් උද්යෝගයකින් නිරත විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් පවත්වන ලදි. වැඩසටහන අවසානයේ ලබා ගත් අත්දැකීම් සාකච්ඡාවට බඳුන් විය.























This is a very important program. I appreciate this peaceful unity.It is time to understand our mind is more powerful than anything. I like our Catholics nuns , cooperation for this supreme task.Theruwan Saranai!