ශ්රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම සහ සති ක්රීඩා යන සතිමත් ක්රියාකාරකම් හඳුන්වා දෙන ලදී.




























