බුලත්සිංහල, හල්වතුර කනිෂ්ඨ විදුහලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ඔක්තෝබර් මස 22 දින කඩුවෙල සති පාසල පරිශ්රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්රීඩා යන සතිමත් ක්රියාකාරකම් වල පුහුණු විය.










